පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community වෙත සම්බන්ධ වීම
පස්සර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වසම් 41 ක සමස්ත ජනතාව වෙත වඩාත් කාර්යක්ෂමව, නිවැරදිව සහ කඩිනමින් තොරතුරු/දැනුවත් කිරීම් ලබාදීම සඳහා නව WhatsApp Community එකක් නිර්මාණය කර ඇත.
ඔබගේ වසමට අදාළ සියලුම නිල තොරතුරු සෘජුවම ලබාගැනීම සඳහා පහත උපදෙස් පිළිපදිමින් අදම මෙයට සම්බන්ධ වන්න.
📌 සම්බන්ධ වන ආකාරය (Instructions):
පියවර 01: පහත දැක්වෙන QR කේතය (QR Code) ස්කෑන් කර හෝ ලබා දී ඇති ලින්ක් එක මඟින් ප්‍රධාන WhatsApp Community එක වෙත පිවිසෙන්න.
පියවර 02: Community එක තුළ ඇති සමූහ (Groups) අතරින් ඔබ පදිංචි වසමට අදාළ ගෲප් එකට පමණක් සම්බන්ධ වීමට ඉල්ලීමක් (Join Request) යොමු කරන්න.
පියවර 03: ඔබගේ ඉල්ලීම පරීක්ෂා කර, අදාළ ග්‍රාම නිලධාරිතුමා/තුමිය හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් ඔබව එම වසමේ නිල ගෲප් එකට ඇතුළත් කරනු ඇත.
⚠️ විශේෂ උපදෙස් (Strict Rules):
🔴 තමන්ගේ වසමට පමණක් සම්බන්ධ වන්න: ඔබ පදිංචි ස්ථිර වසමට අදාළ ගෲප් එකට පමණක් සම්බන්ධ විය යුතු අතර, වෙනත් කිසිදු වසමක ගෲප් එකකට සම්බන්ධ වීමෙන් වළකින්න.
🔴 පෞද්ගලික පණිවිඩ (Private Messages) එවීමෙන් වළකින්න: ගෲප් එකේ සිටින පරිපාලකවරුන් (Admins) වෙත හෝ අනෙකුත් සාමාජිකයන් වෙත අනවශ්‍ය ලෙස පෞද්ගලික පණිවිඩ (Inbox Messages) යැවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.
🔴 නිල තොරතුරු පමණයි: මෙම සමූහය භාවිත කරනු ලබන්නේ රාජ්‍ය නිවේදන සහ ජනතා දැනුවත් කිරීම් සඳහා පමණි.
සම්බන්ධ වීමට ඔබගේ දුරකථන කැමරාවෙන් හෝ WhatsApp එකෙන් මෙම QR කේතය ස්කෑන් කරන්න
හෝ පහත ලින්ක් එක ක්ලික් කරන්න: https://chat.whatsapp.com/Gk8o5Kp7COACy9EWMTOPlo

 adobe-express-qr-code.png
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පස්සර.

ගමි දහසක් - වැඩ දහසක්
ප්‍රජා ශක්ති - ශ්‍රීලංකාවෙි බහුමානික දරිද්‍රතාවය පිටු දැකීමෙි ජාතික වැඩසටහන යටතේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ සපුරොද ග්‍රාම නිලධාරි වසමෙි දෙහිකිදවෙළ අමුණ  හා ඇල සංවර්ධනය කිරීමෙි ව්‍යාපෘතිය අද දින (2026.06.02)වැඩ ආරම්භ කරන ලදි.
ඒ සදහා පස්සර සමිබන්ධීකරණ කමිටු ගරැ සභාපති කිටිනන් සෙල්වරාජ් මැතිතුමා ඇතුලු දේශපාලන  නියෝජිතයින් ,නියෝජ්‍ය අධ්‍යක්ෂ අධ්‍යක්ෂකතුමිය(ක්‍රම සම්පාදන )ඇතුලු රාජ්‍ය නිලධාරීන්,ප්‍රජා සංවර්ධන සභා සමාජිකයින්,ගොවි සංවිධානයේ නිලධාරීන්  හා ගොවි මහතුන්ගේ සහභාගිත්වයෙන් මෙම සමාරමිහක උත්සවය පවත්වන ලදි.

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීවරයා ලෙස පත් වූ අයි. ආරියවංශ මහතා අද දින (2026/05/18) ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

නව පදවියට පත් අයි. ආරියවංශ මහතාට එතුමාගේ ඉදිරි රාජකාරි කටයුතු වෙනුවෙන් පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්!.

 

Grama Niladhari Duties

ආදරයේ උල්පත වූ අම්මා....
මා ඔබගේ, පුතු වූ .....
ඔබ මතු බුදුවන දවසේ ...
මා රාහුල කුමරුන් සේ ...
සෙවණ පතා, අද මෙන් පැමිණෙන්නෙමි
සුළඟිල්ලේ එල්ලී

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වත්
නැලවිලි ගීයෙන්
මතකයි මා නැළවුවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා....

මාතෘත්වයේ අගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මඟපෙන්වීම මත, පරිපාලන නිලධාරීතුමිය සහ පරිපාලන ග්‍රාම නිලධාරීතුමාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

PANDA BABY ආයතනයේ අනුග්‍රහයෙන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීතුමිය හා සමාජ සත්කාර ඒකකයේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ ආරාධනය පරිදි කොට්ඨාසයේ ගර්භණී මව්වරුන් 120 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙය සංවිධානය කර තිබිණි.

රූපවාහිනී හා ගුවන් විදුලි ප්‍රවීණ වෛද්‍ය විද්‍යා උපදේශක, මනෝ චිකිත්සක කථිකාචාර්ය වෛද්‍ය අනුර අරඹගේ මහතාගේ සම්පත්දායකත්වයෙන් රසවින්දනාත්මක වැඩසටහනක් තුළින් මාතෘත්වයේ අගය හා වටිනාකම පිළිබඳ හරවත් දේශනයක් 2026/05/20 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා නන් අයුරින් සහය ලබා දුන් සැමට ස්තූතියි! 🙏🙏

Event Photo Event Photo Event Photo Event Photo Event Photo Event Photo Event Photo

UPDATE 1

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත. 

වලංගුභාවය: 2026.05.10 දින ප.ව. 21.00 සිට 2026.05.11 දින ප.ව. 21.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

බදුල්ල දිස්ත්‍රික්කය:
* පස්සර

කුරුණෑගල දිස්ත්‍රික්කය:
* රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:
* නාවුල
* ⁠අඹන්ගඟ කෝරලේ
* ⁠රත්තොට

මොනරාගල දිස්ත්‍රික්කය:
* බඩල්කුඹුර
* ⁠වැල්ලවාය

රත්නපුර දිස්ත්‍රික්කය:
* ගොඩකවෙල


News & Events

10
Jul2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

03
Jun2026
ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්ප්‍රජා ශක්ති -...

26
May2026
ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා.... මා ඔබගේ, පුතු...

18
May2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම...

11
May2026
Emergency Alerts  🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

Emergency Alerts 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

UPDATE 1🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ...

04
May2026
දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය  මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

ඌව පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පස්සර...

23
Mar2026
පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය,...

19
Jan2026
ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම් දෙවන චෙක්පත පස්සර...

24
Nov2025
මතක ආවර්ජනා..

මතක ආවර්ජනා..

මතක අතරට සොඳුරුතම මතක කැටි කළ, දිවිමං...

26
Aug2024
බුද්ධාභි වන්දනා පොසොන් කලාපය - 202

බුද්ධාභි වන්දනා පොසොන් කලාපය - 202

  පස්සර ශාසනාරක්ෂක මණ්ඩලය , පස්සර ප්‍රාදේශීය...

28
Feb2024
“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”   පස්සර ප්‍රාදේශීය ලේකම්...

28
Feb2024
නිදහස් දින සැමරුම - 2024

නිදහස් දින සැමරුම - 2024

    76 වන නිදහස් සමරු උළෙලට...

02
Jan2024
දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

  පස්සර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය සහ ප්‍රාදේශීය...

23
Nov2022
cultural festivel - 2022 "Let's read life in art"

cultural festivel - 2022 "Let's read life in art"

  cultural festivel - 2022 "Let's read...

29
Jun2022
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය  බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය...

17
Jun2022
පුණ්‍ය මාතා වැඩ සටහන

පුණ්‍ය මාතා වැඩ සටහන

     පස්සර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අදහසක්...

17
Jun2022
ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

  2022 පොසොන් පොහෝය නිමිති කොටගෙන පස්සර...

News & Events

25
Aug2026
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්‍රාම...

10
Jul2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

Scroll To Top