පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නායයෑම් දැඩි හා මධ්‍ය අවදානම් කලාපවල ජීවත්වන පවුල් 2,100ක් පමණ සහ පුද්ගලයින් 4,200ක් පමණ ආරක්ෂිතව හඳුනාගත් කඳවුරු වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පූර්ව පුහුණු හා සූදානම් කිරීමේ වැඩසටහනක් 2026.09.17 දින ප.ව. 2.00ට පැවැත්වීමට නියමිතය.

ග්‍රාම නිලධාරී වසම් 17කට අයත් ජනතාව ආවරණය වන මෙම වැඩසටහනේදී, පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත කෙරෙන මෙහෙයුම් මැදිරිය මගින් සමස්ත මෙහෙයුම සම්බන්ධීකරණය කිරීම, ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය පිළිබඳ පෙරහුරු සිදු කෙරේ.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි අධික වැසි තත්ත්වයන් හා ඒ ආශ්‍රිත අවදානම් අවස්ථාවලදී මහජනතාව සහ රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් හා නිසි සම්බන්ධීකරණයකින් ක්‍රියා කිරීමට අවශ්‍ය පූර්ව සූදානම තහවුරු කිරීමයි.

⚠️ මහජනතාව වෙත විශේෂ දැනුම්දීම

මෙය දැනට සිදුවන හදිසි ඉවත් කිරීමක් නොවන අතර, ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමක්ද නොවේ.
මෙය පූර්ව සූදානම සහ පෙරහුරු සඳහා පමණක් සංවිධානය කරන වැඩසටහනකි.

එබැවින් ජනතාව බියට හෝ කලබලයට පත් නොවී, නිල දැනුම්දීම් පමණක් අනුගමනය කරමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු.

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


“අත්තම” වැඩසටහනට සමගාමීව නමුණුකුල රක්ෂිතය සහ ජල පෝෂක ප්‍රදේශ සුරැකීමේ ශ්‍රමදාන වැඩසටහන 🌿

“අත්තම” වැඩසටහනට සමගාමීව, පුහුල්වත්ත වසමට අයත් නමුණුකුල රක්ෂිතය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම හා පරිසර සංරක්ෂණය කිරීමේ අරමුණින්, රක්ෂිතය ආශ්‍රිතව ගිනිපටි නිර්මාණය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

📅 දිනය: 2026.08.08
⏰ වේලාව: පෙ.ව. 8.00
📍 ස්ථානය: ගෝනකැලේ දෙමළ විද්‍යාලයට ඉහළින් පිහිටි නමුණුකුල රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශය

මෙම වැඩසටහන මඟින් ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, පරිසර සංරක්ෂණය සහ වන ගිනි අවදානම අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

🤝 ප්‍රදේශවාසී ඔබ සැමගේ සක්‍රීය සහභාගීත්වය අපේක්ෂා කරමු.

නමුණුකුල රක්ෂිතය සහ ජල පෝෂක ප්‍රදේශ සුරැකීමේ මෙම සාමූහික මෙහෙවර සඳහා ඔබගේ වටිනා දායකත්වය ලබාදෙන මෙන් කාරුණිකව ආරාධනා කර සිටිමු.

🌱 එක්වෙමු – පරිසරය සුරකිමු – අනාගතය රැකගනිමු!

අත්තම වැඩසටහන
අත්තම වැඩසටහන
පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්‍රාම නිලධාරී වසමේ, කිරිමැටිය ගම්මානයේ පදිංචි සමරකෝන් මහතාගේ ඉඩම ආපදා තත්ත්වය හේතුවෙන් අධි අවදානම් තත්ත්වයට පත්වීම හේතුවෙන් හිමි වූ රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබාගත් අවස්ථාව. අදාළ වන්දි මුදලට හිමි චෙක්පත නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සමරකෝන් මහතා වෙත ලබාදෙන ලදී.
මෙම වන්දි මුදල කඩිනමින් ලබාදීමට අවශ්‍ය රාජකාරි කටයුතු පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කඩිනමින් සිදුකිරීමත්, අදාළ ආයතන හා නිලධාරීන් සමඟ සිදුකළ කාර්යක්ෂම සම්බන්ධීකරණයත් හේතුවෙන් මෙම සහනය කඩිනමින් ලබාදීමට හැකි විය
 
 
May be an image of studying, hospital and text
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community වෙත සම්බන්ධ වීම
පස්සර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වසම් 41 ක සමස්ත ජනතාව වෙත වඩාත් කාර්යක්ෂමව, නිවැරදිව සහ කඩිනමින් තොරතුරු/දැනුවත් කිරීම් ලබාදීම සඳහා නව WhatsApp Community එකක් නිර්මාණය කර ඇත.
ඔබගේ වසමට අදාළ සියලුම නිල තොරතුරු සෘජුවම ලබාගැනීම සඳහා පහත උපදෙස් පිළිපදිමින් අදම මෙයට සම්බන්ධ වන්න.
📌 සම්බන්ධ වන ආකාරය (Instructions):
පියවර 01: පහත දැක්වෙන QR කේතය (QR Code) ස්කෑන් කර හෝ ලබා දී ඇති ලින්ක් එක මඟින් ප්‍රධාන WhatsApp Community එක වෙත පිවිසෙන්න.
පියවර 02: Community එක තුළ ඇති සමූහ (Groups) අතරින් ඔබ පදිංචි වසමට අදාළ ගෲප් එකට පමණක් සම්බන්ධ වීමට ඉල්ලීමක් (Join Request) යොමු කරන්න.
පියවර 03: ඔබගේ ඉල්ලීම පරීක්ෂා කර, අදාළ ග්‍රාම නිලධාරිතුමා/තුමිය හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් ඔබව එම වසමේ නිල ගෲප් එකට ඇතුළත් කරනු ඇත.
⚠️ විශේෂ උපදෙස් (Strict Rules):
🔴 තමන්ගේ වසමට පමණක් සම්බන්ධ වන්න: ඔබ පදිංචි ස්ථිර වසමට අදාළ ගෲප් එකට පමණක් සම්බන්ධ විය යුතු අතර, වෙනත් කිසිදු වසමක ගෲප් එකකට සම්බන්ධ වීමෙන් වළකින්න.
🔴 පෞද්ගලික පණිවිඩ (Private Messages) එවීමෙන් වළකින්න: ගෲප් එකේ සිටින පරිපාලකවරුන් (Admins) වෙත හෝ අනෙකුත් සාමාජිකයන් වෙත අනවශ්‍ය ලෙස පෞද්ගලික පණිවිඩ (Inbox Messages) යැවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.
🔴 නිල තොරතුරු පමණයි: මෙම සමූහය භාවිත කරනු ලබන්නේ රාජ්‍ය නිවේදන සහ ජනතා දැනුවත් කිරීම් සඳහා පමණි.
සම්බන්ධ වීමට ඔබගේ දුරකථන කැමරාවෙන් හෝ WhatsApp එකෙන් මෙම QR කේතය ස්කෑන් කරන්න
හෝ පහත ලින්ක් එක ක්ලික් කරන්න: https://chat.whatsapp.com/Gk8o5Kp7COACy9EWMTOPlo

 adobe-express-qr-code.png
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පස්සර.

News & Events

10
Jul2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

03
Jun2026
ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්ප්‍රජා ශක්ති -...

26
May2026
ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා.... මා ඔබගේ, පුතු...

18
May2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම...

11
May2026
Emergency Alerts  🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

Emergency Alerts 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

UPDATE 1🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ...

04
May2026
දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය  මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

ඌව පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පස්සර...

23
Mar2026
පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය,...

19
Jan2026
ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම් දෙවන චෙක්පත පස්සර...

28
Feb2024
“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”   පස්සර ප්‍රාදේශීය ලේකම්...

28
Feb2024
නිදහස් දින සැමරුම - 2024

නිදහස් දින සැමරුම - 2024

    76 වන නිදහස් සමරු උළෙලට...

02
Jan2024
දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

  පස්සර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය සහ ප්‍රාදේශීය...

23
Nov2022
cultural festivel - 2022 "Let's read life in art"

cultural festivel - 2022 "Let's read life in art"

  cultural festivel - 2022 "Let's read...

29
Jun2022
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය  බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය...

17
Jun2022
පුණ්‍ය මාතා වැඩ සටහන

පුණ්‍ය මාතා වැඩ සටහන

     පස්සර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අදහසක්...

17
Jun2022
ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

  2022 පොසොන් පොහෝය නිමිති කොටගෙන පස්සර...

17
Jun2022
ශ්‍රද්ධාභීවන්දනා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රද්ධාභීවන්දනා පුණ්‍ය මහෝත්සවය

  more images...................  අප්‍රේල් මස 01 සහ...

News & Events

10
Jul2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

03
Jun2026
ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්ප්‍රජා ශක්ති -...

Scroll To Top