ඌව පළාතේ ජීවත්වන, රජයේ විශ්රාම වැටුපකට හිමිකම් නොලබන අවිධිමත් අංශයේ සේවා නියුක්ත පුරවැසියන්ගේ අනාගත ආර්ථික සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා රාජ්ය විශ්රාම වැටුපක් ලබාදෙමින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලබාදීමේ උතුම් මෙහෙවර ඉටුකළ රාජ්ය නිලධාරීන් ඇගයීමේ උත්සවය 2026/10/21 වන දින බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී 2025 වර්ෂයේ නියමිත ඉලක්කයන් සාර්ථකව සම්පූර්ණ කරමින් දක්වන ලද විශිෂ්ට දක්ෂතාවය වෙනුවෙන් බදුල්ල දිස්ත්රික්කයේ තෙවන ස්ථානය (3rd Place) දිනා ගැනීමට පස්සර ප්රාදේශීය ලේකම් කාර්යාලය සමත් වූ බව සතුටින් දැනුම් දෙමු.













