





පස්සර ප්රාදේශීය ලේකම් තුමියගේ අදහසක් අනුව පොසොන් පොහොය නිමිත්තෙන් කොට්ඨාසයේ පදිංචි ගර්භනී මව්වරුන් 50 දෙනෙකු මුල් කර ගනිමින් සිදු කරන ලද පුණ්‍ය මාතා වැඩ සටහන කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2022.06.15 වන දින සාර්ථකව නිමකිරීමට හැකිවිය.
මෙහිදී අපගේ ආරාධනය පරිදි වැඩමවා වදාල ගෝනගල විද්‍යාලයේ විදුහල්පති, ශාස්ත්‍රපති පුජ්‍යපාද පල්ලෙකිරුවේ සෝමානන්ද ස්වාමින් වහන්සේ ආශීර්වාද බොධි පුජාව පවත්වා මව්වරුන් සදහා තුනුරුවනේ ආශීර්වාදය ලබා දෙමින් වැඩසටහන ආරම්භය සනිටුහන් කරන ලදි
අපගේ ආරාධනය පරිදි වැඩමවා වදාල උඩවල මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පුජ්‍යපාද නිකේබැද්දේ ජිනානන්ද ස්වාමින් වහන්සේ විසින් ගැබ්ණි මව්වරුන් මුල් කර ගනිමින් විශේෂ ධර්ම දේශනාවක් පැවැත් විය.
ඉන් අනතුරුව අප කාර්යාලයේ සේවය කරන ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි ප්‍රභාත් ඒකනායක මහතා විසින් මව්වරුන්ගේ මානසින සුවය ලබා දීම මුලික කර ගනිමින් සංගීත චිකිත්සාවක් පැවැත්විය
මීට අමතරව ගර්භණීය මව්වරුන් වෙත කොල කැඳ, තේ පැන් , දිවා ආහාරය සහ මව් පදවිය ලද පසු අවශ්‍ය වන භාණ්ඩ ලබාදීම සිදු කරන ලදි.
මේ සඳහා සම්පත් දායකත්වය ලබාදුන් ශාස්ත්‍රපති පුජ්‍යපාද පල්ලෙකිරුවේ සෝමානන්ද ස්වාමින් වහන්සේටද, ශාස්ත්‍රපති පුජ්‍යපාද නිකේබැද්දේ ජිනානන්ද ස්වාමින් වහන්සේටද, ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි ප්‍රභාත් ඒකනායක මහතාටද,
සියලු මග පෙන්වීම් අවවාද අනුශාසනා ලබා දුන් අප කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය සරණතිස්ස හිමිපානන්, ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු , සියලු මාණ්ඩලික නිලධාරින්ටත්
මුල්‍ය දායකත්වය,ද්‍රව්‍ය දායකත්වය හා සියලු කටයුතු සාර්ථකව අවසන් කිරීමට ශ්‍රම දායකත්වය ලබාදුන් දෙවන නිවහනේ සියලුම සහෝදර සහෝදරියන්ටත් මාධ්‍ය ඒකකයේ පුණ්‍යානුමෝදනාපුර්වක ස්තූතිය මෙයින් පුදකර සිටින්නෙමු.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාධ්‍ය ඒකකය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පස්සර












