ඌව පළාතේ ජීවත්වන, රජයේ විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබන අවිධිමත් අංශයේ සේවා නියුක්ත පුරවැසියන්ගේ අනාගත ආර්ථික සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා රාජ්‍ය විශ්‍රාම වැටුපක් ලබාදෙමින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීමේ උතුම් මෙහෙවර ඉටුකළ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ උත්සවය 2026/10/21 වන දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී 2025 වර්ෂයේ නියමිත ඉලක්කයන් සාර්ථකව සම්පූර්ණ කරමින් දක්වන ලද විශිෂ්ට දක්ෂතාවය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය (3rd Place) දිනා ගැනීමට පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් වූ බව සතුටින් දැනුම් දෙමු.

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්‍රාම නිලධාරී වසමේ, කිරිමැටිය ගම්මානයේ පදිංචි සමරකෝන් මහතාගේ ඉඩම ආපදා තත්ත්වය හේතුවෙන් අධි අවදානම් තත්ත්වයට පත්වීම හේතුවෙන් හිමි වූ රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබාගත් අවස්ථාව. අදාළ වන්දි මුදලට හිමි චෙක්පත නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සමරකෝන් මහතා වෙත ලබාදෙන ලදී.
මෙම වන්දි මුදල කඩිනමින් ලබාදීමට අවශ්‍ය රාජකාරි කටයුතු පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කඩිනමින් සිදුකිරීමත්, අදාළ ආයතන හා නිලධාරීන් සමඟ සිදුකළ කාර්යක්ෂම සම්බන්ධීකරණයත් හේතුවෙන් මෙම සහනය කඩිනමින් ලබාදීමට හැකි විය
 
 
May be an image of studying, hospital and text

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නායයෑම් දැඩි හා මධ්‍ය අවදානම් කලාපවල ජීවත්වන පවුල් 2,100ක් පමණ සහ පුද්ගලයින් 4,200ක් පමණ ආරක්ෂිතව හඳුනාගත් කඳවුරු වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පූර්ව පුහුණු හා සූදානම් කිරීමේ වැඩසටහනක් 2026.09.17 දින ප.ව. 2.00ට පැවැත්වීමට නියමිතය.

ග්‍රාම නිලධාරී වසම් 17කට අයත් ජනතාව ආවරණය වන මෙම වැඩසටහනේදී, පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත කෙරෙන මෙහෙයුම් මැදිරිය මගින් සමස්ත මෙහෙයුම සම්බන්ධීකරණය කිරීම, ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය පිළිබඳ පෙරහුරු සිදු කෙරේ.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි අධික වැසි තත්ත්වයන් හා ඒ ආශ්‍රිත අවදානම් අවස්ථාවලදී මහජනතාව සහ රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් හා නිසි සම්බන්ධීකරණයකින් ක්‍රියා කිරීමට අවශ්‍ය පූර්ව සූදානම තහවුරු කිරීමයි.

⚠️ මහජනතාව වෙත විශේෂ දැනුම්දීම

මෙය දැනට සිදුවන හදිසි ඉවත් කිරීමක් නොවන අතර, ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමක්ද නොවේ.
මෙය පූර්ව සූදානම සහ පෙරහුරු සඳහා පමණක් සංවිධානය කරන වැඩසටහනකි.

එබැවින් ජනතාව බියට හෝ කලබලයට පත් නොවී, නිල දැනුම්දීම් පමණක් අනුගමනය කරමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු.

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


“අත්තම” වැඩසටහනට සමගාමීව නමුණුකුල රක්ෂිතය සහ ජල පෝෂක ප්‍රදේශ සුරැකීමේ ශ්‍රමදාන වැඩසටහන 🌿

“අත්තම” වැඩසටහනට සමගාමීව, පුහුල්වත්ත වසමට අයත් නමුණුකුල රක්ෂිතය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම හා පරිසර සංරක්ෂණය කිරීමේ අරමුණින්, රක්ෂිතය ආශ්‍රිතව ගිනිපටි නිර්මාණය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

📅 දිනය: 2026.08.08
⏰ වේලාව: පෙ.ව. 8.00
📍 ස්ථානය: ගෝනකැලේ දෙමළ විද්‍යාලයට ඉහළින් පිහිටි නමුණුකුල රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශය

මෙම වැඩසටහන මඟින් ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, පරිසර සංරක්ෂණය සහ වන ගිනි අවදානම අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

🤝 ප්‍රදේශවාසී ඔබ සැමගේ සක්‍රීය සහභාගීත්වය අපේක්ෂා කරමු.

නමුණුකුල රක්ෂිතය සහ ජල පෝෂක ප්‍රදේශ සුරැකීමේ මෙම සාමූහික මෙහෙවර සඳහා ඔබගේ වටිනා දායකත්වය ලබාදෙන මෙන් කාරුණිකව ආරාධනා කර සිටිමු.

🌱 එක්වෙමු – පරිසරය සුරකිමු – අනාගතය රැකගනිමු!

අත්තම වැඩසටහන
අත්තම වැඩසටහන

News & Events

10
Jul2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

03
Jun2026
ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්ප්‍රජා ශක්ති -...

26
May2026
ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා.... මා ඔබගේ, පුතු...

18
May2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම...

11
May2026
Emergency Alerts  🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

Emergency Alerts 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

UPDATE 1🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ...

04
May2026
දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය  මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

ඌව පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පස්සර...

23
Mar2026
පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය,...

19
Jan2026
ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම් දෙවන චෙක්පත පස්සර...

24
Nov2025
මතක ආවර්ජනා..

මතක ආවර්ජනා..

මතක අතරට සොඳුරුතම මතක කැටි කළ, දිවිමං...

26
Aug2024
බුද්ධාභි වන්දනා පොසොන් කලාපය - 202

බුද්ධාභි වන්දනා පොසොන් කලාපය - 202

  පස්සර ශාසනාරක්ෂක මණ්ඩලය , පස්සර ප්‍රාදේශීය...

28
Feb2024
“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”   පස්සර ප්‍රාදේශීය ලේකම්...

28
Feb2024
නිදහස් දින සැමරුම - 2024

නිදහස් දින සැමරුම - 2024

    76 වන නිදහස් සමරු උළෙලට...

02
Jan2024
දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

  පස්සර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය සහ ප්‍රාදේශීය...

23
Nov2022
cultural festivel - 2022 "Let's read life in art"

cultural festivel - 2022 "Let's read life in art"

  cultural festivel - 2022 "Let's read...

29
Jun2022
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය  බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය...

17
Jun2022
පුණ්‍ය මාතා වැඩ සටහන

පුණ්‍ය මාතා වැඩ සටහන

     පස්සර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අදහසක්...

17
Jun2022
ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

  2022 පොසොන් පොහෝය නිමිති කොටගෙන පස්සර...

News & Events

25
Aug2026
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්‍රාම...

10
Jul2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

Scroll To Top