IMG 5105 Copy IMG 5217
ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල - 2022
========================
පස්සර කොට්ඨාසයේ , සාහිත්‍ය තරග ජයග්‍රාහකයින්ගේ දක්ෂතා ඇගයීම හා සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරින්ගේ දක්ෂතා කල එළි දැක්වීම මුලික අරමුණ කර ගනිමින් "ස්වර්ණ දැහැණ" ලෙස හැඩවූ ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය පස්සර ප්‍රාදේශීය ලේකම් තුමියගේ සංකල්පයක් අනුව සංවිධානය වු අතර උත්සවයයේ ආරාධිත අමුත්තන් ලෙස බදුල්ල දිසාවේ මහ දිසාපති තුමිය, බදුල්ල ප්‍රාදේශීය ලේකම් තුමන් සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් තුමන් සහභාගී විය
2022.11.18 වන දින පෙ.ව.8.00 ට ප්‍රාදේශීය සභා නව පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ආරම්භ වු මෙම වැඩසටහනේ පලමු අදියර ලෙස ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහනය කල ළමුන් සඳහා සහතික පත්‍ර සහ ත්‍යාග ලබා දීම සිදුකල අතර මෙහි දේශනය පස්සර කලාප අධ්‍යාපන කාර්යාලයේ නැටුම් ගුරු උපදේශීකා ආර්.එම්.බින්දුමතී ප්‍රියංගිකා මහත්මිය විසින් සිදුකරන ලදි.මෙහි දෙවන දිගහැරුම පෙ.ව.10.00 ට ආරම්භ වු අතර මෙහි ප්‍රධාන දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථීකාචාර්ය නොයෙල් විජේරත්න මහතා විසින් සිදුකරන ලදි.මෙහි අවසාන අදියර පස්සර කොට්ඨාසයේ සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරින්ගේ දක්ෂතා වලින් වර්ණවත් විය.
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම
=============================
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින්, පස්සර කොට්ඨාසයට වෙන්වූ සහල් 50 kg මලු 1800ක තොගය අපගේ ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් 2022.06.22 වන දිනයේ දී බදුල්ල දුම්රිය ස්ථානයෙන් භාරගන්නා ලදි.
 කොට්ඨාසය තුළ සිටින වතු ප්‍රජාව සහ අඩු ආදායම්ලාභීන් වෙත බෙදා දීමට සදහා ලැබුණු මෙම සහල් මලු තොගය බදුල්ලේ සිට පස්සර කොට්ඨාසයට රැගෙන යාම සහ බෙදාහැරීම දක්වා සිදුකළ ඉතා වෙහෙසකාරී කටයුත්ත ඉතා සාර්ථකව නිම කිරීමට අපට හැකිවිය.
 එම ස්ථානයේ සිට මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් දවස පුරාම මේ කටයුතු අධීකෂණය කර මෙහෙය වූ අපගේ ප්‍රාදේශීය ලේකම් තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර අධ්‍යක්ෂ සැළසුම්තුමාට, පරිපාලන ග්‍රාම නිලධාරී තුමාට, පරිපාලන නිලධාරී තුමියට හා මූලස්ථාන සමෘද්ධි කළමණාකාරතුමාටත්, විශේෂයෙන්ම උදෑසනම පැමිණ සහල් මාලු 1800ක් ලොරි රථ වලට පටවමින්, රාත්‍රී 8 වනතුරුම දුම්රිය ස්ථානයේ රැඳී සිටිමින්, එකාවන්ව කිසිදු බෙදීමකින් තොරව බොහෝ වෙහෙස වූ කාර්යාල නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් , ග්‍රාම නිලධාරීවරුන් , සංවර්ධන නිලධාරීවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීවරුන් හා බහුකාර්ය කණ්ඩායම ඇතුලු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයටත් පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමු🙏🙏🙏
 
මෙම බඩු මලු බෙදා දීම 2022.06.22 / 23 / 24 තෙදින තුළ බෙදා අවසන් කරන ලදි ඇත.
 
2022 පොසොන් පොහෝය නිමිති කොටගෙන පස්සර නගරයේ පවත්වන ලද බැති ගී සරණීය බෞද්ධ ප්‍රබෝදය සහ සමාජ සාමය පිළිඹිබු කරමින් 2022.06.14 වන දින සාර්ථකව නිමා කිරීමට හැකි විය. පස්සර කොට්ඨාසයේ රාජ්‍ය හා පෞද්ගලික සංවිධාන එකමුතුව මඟින් සංවිධානය කල මෙම බැති ගී සරණිය , සියලු ආයතන වල නිලධාරින්ගෙන් සහ පාසල් දරු දැරියන්ගෙන් සහභාගිත්වයෙන් වර්ණවත් විය.

    

පස්සර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අදහසක් අනුව පොසොන් පොහොය නිමිත්තෙන් කොට්ඨාසයේ පදිංචි ගර්භනී මව්වරුන් 50 දෙනෙකු මුල් කර ගනිමින් සිදු කරන ලද පුණ්‍ය මාතා වැඩ සටහන කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2022.06.15 වන දින සාර්ථකව නිමකිරීමට හැකිවිය.

මෙහිදී අපගේ ආරාධනය පරිදි වැඩමවා වදාල ගෝනගල විද්‍යාලයේ විදුහල්පති, ශාස්ත්‍රපති පුජ්‍යපාද පල්ලෙකිරුවේ සෝමානන්ද ස්වාමින් වහන්සේ ආශීර්වාද බොධි පුජාව පවත්වා මව්වරුන් සදහා තුනුරුවනේ ආශීර්වාදය ලබා දෙමින් වැඩසටහන ආරම්භය සනිටුහන් කරන ලදි

අපගේ ආරාධනය පරිදි වැඩමවා වදාල උඩවල මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පුජ්‍යපාද නිකේබැද්දේ ජිනානන්ද ස්වාමින් වහන්සේ විසින් ගැබ්ණි මව්වරුන් මුල් කර ගනිමින් විශේෂ ධර්ම දේශනාවක් පැවැත් විය.

ඉන් අනතුරුව අප කාර්යාලයේ සේවය කරන ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි ප්‍රභාත් ඒකනායක මහතා විසින් මව්වරුන්ගේ මානසින සුවය ලබා දීම මුලික කර ගනිමින් සංගීත චිකිත්සාවක් පැවැත්විය
මීට අමතරව ගර්භණීය මව්වරුන් වෙත කොල කැඳ, තේ පැන් , දිවා ආහාරය සහ මව් පදවිය ලද පසු අවශ්‍ය වන භාණ්ඩ ලබාදීම සිදු කරන ලදි.

මේ සඳහා සම්පත් දායකත්වය ලබාදුන් ශාස්ත්‍රපති පුජ්‍යපාද පල්ලෙකිරුවේ සෝමානන්ද ස්වාමින් වහන්සේටද, ශාස්ත්‍රපති පුජ්‍යපාද නිකේබැද්දේ ජිනානන්ද ස්වාමින් වහන්සේටද, ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි ප්‍රභාත් ඒකනායක මහතාටද,
සියලු මග පෙන්වීම් අවවාද අනුශාසනා ලබා දුන් අප කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය සරණතිස්ස හිමිපානන්, ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු , සියලු මාණ්ඩලික නිලධාරින්ටත්
මුල්‍ය දායකත්වය,ද්‍රව්‍ය දායකත්වය හා සියලු කටයුතු සාර්ථකව අවසන් කිරීමට ශ්‍රම දායකත්වය ලබාදුන් දෙවන නිවහනේ සියලුම සහෝදර සහෝදරියන්ටත් මාධ්‍ය ඒකකයේ පුණ්‍යානුමෝදනාපුර්වක ස්තූතිය මෙයින් පුදකර සිටින්නෙමු.

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාධ්‍ය ඒකකය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පස්සර

 අප්‍රේල් මස 01 සහ 02 දින දෙක තුළ අප කාර්යාලයේ දී අති උත්කර්ෂවත් ලෙස සිදු කරන ලද පිංකම් මාලාවේ
*බෝධීන් වහන්සේ වටා රන්වැට විවෘත කිරීම
*අටවිසි බුදු කුටි තුළ බුදු පිළිම වහන්සේලා තැන්පත් කිරීම
*අටවිසි බුද්ධ වන්දනාව
*ආලෝක පූජාව
*අෂ්ඨපාන සහ ඖෂධ පූජාව
*මල් පහන් පූජාව
*බෝධි අනුරූ සහ ඇත්දළ අනුරූ පූජාව
*රැයක් මුළුල්ලේ පැවැති සර්ව රාත්‍රික පරිත්‍රාරණ ධර්ම දේශනය
*උදෑසන මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාව පිරිනැමීම
ආදී කටයුතු වලදී තේ පැන් ‍සංග්‍රහය වෙනුවෙන් දායක වූ රොබට් රණසිංහ මහතාට,
හීල් දානය පිරිනැමීම වෙනුවෙන් දායක වූ අනුලාවතී මහත්මිය ඇතුළු පස්සර උතුර ග්‍රාම සංවර්ධන සමිතියේ සියළුම පිංවතුන්ට
රන් වැට ,අටවිසි බුදු කුටි සහ ආලෝක පූජාවට දායකවූ සියලුම දානපතීන්ට
ශබ්ද විකාශන යන්ත්‍ර සැපයූ ඉන්දික සුදේශ් මහතාට
මෙම අවස්ථාව වීඩියෝ කිරීමට පැමිණි මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමිල දයාරත්න මහතාට
මෙම උතුම් පින්කම් මාලාව වෙනුවෙන් නන් අයුරින් දායකත්වය සැපයූ සියළුම පිංවතුන්ට මෙයින් ජනිත වූ පින් අනුමෝදන් වෙත්වා.....
 

News & Events

10
ජූලි2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

03
ජූනි2026
ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්

ගමි දහසක් - වැඩ දහසක්ප්‍රජා ශක්ති -...

26
මැයි2026
ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා....

ආදරයේ උල්පත වූ අම්මා.... මා ඔබගේ, පුතු...

18
මැයි2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම නිලධාරීතුමා වැඩ භාරගනී

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ග්‍රාම...

11
මැයි2026
Emergency Alerts  🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

Emergency Alerts 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම 🚨

UPDATE 1🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ...

04
මැයි2026
දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය  මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

දෙටුපුර අපේ අවුරුදු දා හෙලයේ මහා සූර්ය මංගල්‍ය හා නෑගම් යාමේ චාරිත්‍රය.....

ඌව පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පස්සර...

23
මාර්2026
පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය...

පූර්ව ළමාවිය සංවර්ධනයේදී පෙර පාසල් ගුරුවරියන්ගේ කාර්යභාරය,...

19
ජන2026
ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම්....

ජනාධිපති අරමුදලේ වෛද්‍යධාර ගෙවීම් දෙවන චෙක්පත පස්සර...

24
නොවැ2025
මතක ආවර්ජනා..

මතක ආවර්ජනා..

මතක අතරට සොඳුරුතම මතක කැටි කළ, දිවිමං...

26
අගෝ2024
බුද්ධාභි වන්දනා පොසොන් කලාපය - 202

බුද්ධාභි වන්දනා පොසොන් කලාපය - 202

  පස්සර ශාසනාරක්ෂක මණ්ඩලය , පස්සර ප්‍රාදේශීය...

28
පෙබ2024
“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”

“තොරතුරු කේන්ද්‍රය ”   පස්සර ප්‍රාදේශීය ලේකම්...

28
පෙබ2024
නිදහස් දින සැමරුම - 2024

නිදහස් දින සැමරුම - 2024

    76 වන නිදහස් සමරු උළෙලට...

02
ජන2024
දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

දහම් ගුරු අභිමානී උපහාර ප්‍රණාම 2023

  පස්සර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය සහ ප්‍රාදේශීය...

23
නොවැ2022
සාහිත්‍ය කලා උත්සවය - 2022

සාහිත්‍ය කලා උත්සවය - 2022

  ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල - 2022 ========================...

29
ජූනි2022
ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය  බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම

ඉන්දියානු සහනාධාර ලෙස ලැබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය...

17
ජූනි2022
පුණ්‍ය මාතා වැඩ සටහන

පුණ්‍ය මාතා වැඩ සටහන

     පස්සර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අදහසක්...

17
ජූනි2022
ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය

  2022 පොසොන් පොහෝය නිමිති කොටගෙන පස්සර...

News & Events

25
අගෝ2026
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන...

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරමහංකඩ ග්‍රාම...

10
ජූලි2026
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිල WhatsApp Community...

Scroll To Top