අපගේ දැක්ම
“සහජීවනයෙන් සංවර්ධනයට”
අපගේ මෙහෙවර
“සම්පත් නිසිකල නිසි ලෙස යොදවා ජනහිතකාමී සේවාවක් තුලින්
තිරසාර සංවර්ධනයට මං සැලසීම”
පස්සර යනු ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති සුළු නගරයකි. නගරය පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි මාර්ගයේ, බදුල්ල සිට 17 km (11 mi) පමණ දුරින් පිහිටා තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වර්ග කිලෝමීටර් 124.11 ප්‍රමාණයක විහිදී පවතී. බදුල්ල දිස්ත්‍රික්කයේ දකුණු දිගින් පිහිටි පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරින් ලුණුගල හා මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ද දකුණින් ඇල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ද සීමා වන අතර බටහිරින් බදුල්ල හා නැගෙනහිරින් ලුණුගලින් හා බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ද පරිපාලනමය වශයෙන් සීමා වේ.
පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටීම වශයෙන් ග්‍රිඩ් සැලැස්මට අනුව උතුරින් කිලෝමීටර් 234.5 කිලෝමීටර් 249.9 සහ නැගෙනහිර කිලෝමීටර් 185.5 කිලෝමීටර් 208.5 වශයෙන් දැක්විය හැකිය. දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 286100 වන අතර ඉන් පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 3.85 %ක අගයක් ගනී. කොට්ඨාසයේ උපරීම උස දකුණු කොටසේදී මීටර් 1538 සහිත නමුණුකුල කඳු වැටියෙන් ආවරණය වන අතර අවම උස කොට්ඨාසයේ දකුණු කොටසේ දී මීටර් 462 උසකින් සීමා වේ. සමස්තයක් වශයෙන් පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාමාන්‍ය උස මීටර් 765 - 1230 මීටර් වශයෙන් සැළකේ.
පස්සර ඉතිහාසයෙන් බිඳක්...
- මෙහි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවසේ ඉදිකරවන ලද ඓතිහාසික වටිනාකමකින් යුතු ඉපැරණි විහාරස්ථානයක් පස්සර පල්ලේගම ප්‍රදේශයේ පිහිටා ඇත. එය නමින් පස්සර රජමහා විහාරයයි.
- සුවිසල් කඳුවැටි අතරින් හමා එන සිහිල් මන්ද මාරුත, කඳුවැටි සිප ගැනෙද්දී "හූ" යන හඬ ජනිතවීම නිසා "හූව" නොහොත් "ඌව" යන නම මෙම ප්‍රදේශයට ව්‍යවහාර වී ඇතැයි ජනවහරේ දැක්‌වේ. එය කවදා කෙලෙස භාවිතයට ගැනුනක් ද යන්න සඳහනක් නොමැත.
- පස්සර කොටිඨාශය තුල වගා කරනු ලැබු තේ.රබර් වගාවන් සදහා කෘෂි සේවා මධ්‍යස්ථාන වශයෙන් පට්ටිපොල, මඩුල්සිම, පස්සර යනුවෙන් කෘෂී සේවා මධ්‍යස්ථාන 1983 වර්ෂය වන විට ඇති කර තිබුණි. සිංහලේ මහ රජුට බුලත් සැපැයු බුලත් වත්තක් පස්සර තිබුණි. පස්සර විදානේ එහි භාරකත්වය දැරුවේය. කැරැල්ලට සම්බන්ධ වී පස්සර පළාතේ ආණ්ඩු වීරෝධි හඩ උණුසුම් කිරිමේ කටයුතුවල නිරත වු සම්භාවනීය ජීවිතයක් ලෙස හැදින්විය හැකිය.
- මෙම ප්‍රදේශයේ පැවතෙන ශාන්තිකර්මයන් අතර උඩගම පත්තිනි දේවාලයේ අංකෙළිය සදහන් කළ හැකිය. පත්තිනි දෙවියන්ගේ සහ පාලඟ කුමරුන්ගේ කෙකි ඇදිමෙන් ආරම්භ වු අංකෙළියේ දෙවැනි ඇදුම වෙල්ලස්ස ප්‍රදේශයේ දහගෝනිය නැමති ගමේදි ආරම්භ කර ඇත. මෙදින උඩුපිල හා යටිපිල යනුවෙන් කොටස් දෙකකට බෙදි ගිනි අංදර අං දාහක් ගෙන අම්පිටියේදි අං ඇදීමේ ක්‍රීඩාව කර තිබේ.
අපේ නායකත්වය එදා සිට..........
| නම | සිට |
දක්වා |
| පි.බි.පිහිල්ලගෙදර මහතා | 1963 | 1963 |
| ආරියරත්න හේවගේ මහතා | 1972 | 1972 |
| ජි.කේ.චන්ද්‍රසෝම මහතා | 1978 | 1978 |
| තිස්ස කේ වර්ණසූරිය මහතා | 1979 | 1979 |
| ටි. ඒ. සෝමසිරි මහතා | 1984 | 1984 |
| කේ.ඒ.එස්.කීරගල මහතා | 1985 | 1990 |
| ජේ නවරත්න මහතා | 1991 | 1995 |
| බි.එම්.ධර්මදාස මහතා | 1995 | 1995 |
| විජයපාල නිලවීර මහතා | 1996 | 1996 |
| බි.එම්.ධර්මදාස මහතා | 1996 | 1997 |
| ලයනල් පෙරේරා මහතා | 1998 | 1999 |
| ඒ.ජි.සමරතුංග මහතා | 1999 | 2005 |
| විජිත නන්දකුමාර මහතා | 2005 | 2006 |
| අර්.ඒ. චූලානන්ද මහතා | 2006 | 2006 |
| ටි. ඒ.ඩබ්.තෙන්නකෝන් මහතා | 2006 | 2010 |
| ප්‍රභාත් අබේවර්ධන මහතා | 2010 | 2014 |
| නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මිය | 2014 | 2018 |
| එන්.ජේ.ටි.අනුරාධා මහත්මිය | 2018 |
කොට්ඨාශයේ පිහිටීම













