පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නායයෑම් දැඩි හා මධ්‍ය අවදානම් කලාපවල ජීවත්වන පවුල් 2,100ක් පමණ සහ පුද්ගලයින් 4,200ක් පමණ ආරක්ෂිතව හඳුනාගත් කඳවුරු වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පූර්ව පුහුණු හා සූදානම් කිරීමේ වැඩසටහනක් 2026.09.17 දින ප.ව. 2.00ට පැවැත්වීමට නියමිතය.
ග්‍රාම නිලධාරී වසම් 17කට අයත් ජනතාව ආවරණය වන මෙම වැඩසටහනේදී, පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත කෙරෙන මෙහෙයුම් මැදිරිය මගින් සමස්ත මෙහෙයුම සම්බන්ධීකරණය කිරීම, ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය පිළිබඳ පෙරහුරු සිදු කෙරේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි අධික වැසි තත්ත්වයන් හා ඒ ආශ්‍රිත අවදානම් අවස්ථාවලදී මහජනතාව සහ රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් හා නිසි සම්බන්ධීකරණයකින් ක්‍රියා කිරීමට අවශ්‍ය පූර්ව සූදානම තහවුරු කිරීමයි.
⚠️ මහජනතාව වෙත විශේෂ දැනුම්දීම
මෙය දැනට සිදුවන හදිසි ඉවත් කිරීමක් නොවන අතර, ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමක්ද නොවේ.
මෙය පූර්ව සූදානම සහ පෙරහුරු සඳහා පමණක් සංවිධානය කරන වැඩසටහනකි.
එබැවින් ජනතාව බියට හෝ කලබලයට පත් නොවී, නිල දැනුම්දීම් පමණක් අනුගමනය කරමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය













