පස් දෙනාගේ කණ්ඩායම
පස් දෙනාගේ කණ්ඩායම හා සමෘද්ධි සමිතිය දුප්පත් ප්‍රජාව සමාජ සජීවකරණයට ලක්කිරීම සඳහා
යොදාගන්නා ලද පහළ මට්ටමේ සංවිධානයන්ය. කණ්ඩායමක් උවමනාවට වඩා ලොකු වන විට එහි
සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය ඉස්මතු වේ. එමෙන්ම කණ්ඩායම තුළ අතුරැ කල්ලි ඇතිවීමට එය තුඩු දේ. කණ්ඩායම කුඩා වනවිට පෞද්ගලිකත්වයට වඩා කණ්ඩායම් හැඟීම වැඩිවන බව ඇතැම් පර්යේෂණවලින් හෙලි වී ඇත.විශේෂයෙන්ම බංග්ලාදේශයේ ග්‍රාමීන් බැකුව පිළිබඳ පර්යේෂණ වල මෙය පැහැදිළි කර ඇත. මෙම කරුණු සැලකිල්ලට යොමුකරමින් සමෘද්ධි ව්‍යාපාරය තුළ 5 දෙනාගේ කණ්ඩායම් ක්‍රමය ඇතිකරගෙන තිබේ.
කුඩා කණ්ඩායම් ඒකරාශී වන්නේ කෙසේද?
කුඩා කණ්ඩායම් තමතමන්ගේ කැමැත්ත මත ගොනුවීමට සැලැස්විය යුතුය. අසල්වාසී බව, සමාන නිෂ්පාදන කටයුතු වල නියැලීම, හිතවත්කම ආදී කරුණු කණ්ඩායම් ගොනුවීමේදී බලපානු ලැබේ.
කණ්ඩායම සතිපතා රැස්වී සාකච්චා පැවැත්වීම තුළින් තම තමා මුහුණ දෙන ගැටලු විමර්ෂණය කිරීමටත්,
ඒවාට විසඳුම් සොයා ගැනීමටත් ඉතා හොඳ පරිසරයක් නිර්මාණය වේ. මෙම සාකච්චාව හා සංවාදය ඉතාමත් අගනා නොවිධිමත් අධ්‍යාපන ක්‍රමයක් වේ.
කුඩා කණ්ඩායම් ක්‍රියාකාරකම් මොනවාද?
කණ්ඩායම් අරමුදලක් ගොඩනඟා ගැනීම, අතමාරු ණය ගැනීම, ශ්‍රම හුවමාරු වැඩ කිරීම, පාරිභෝගික භාණ්ඩ තොග වශයෙන් මිළදීගෙන බෙදා ගැනීම, ගෘහ නිෂ්පාදිත ද්‍රව්‍ය හුවමාරු කිරීම, සීට්ටු දැමීම,
බැංකු සංගම් ණය නිර්දේශ කිරීම පසුවිපරම් කටයුතු කිරීම ආදිය කුඩා කණ්ඩායම් ක්‍රියාකාරකම් අතර වැදගත් වේ.මෙම ක්‍රියාකාරකම් තුළින් කුටුම්භ සංරක්ෂණය ගැන අත්දැකීමෙන් ඉගෙනගැනීමක් සිදුවේ.
එමෙන්ම සාකච්චා සටහන් වාර්තා කර තැබීමටත්,ඒවා පසුවිපරම් කිරීමටත් ඉගෙන ගනී. මෙම ක්‍රියාවලිය තුළින් සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නා සැලසුම් ක්‍රියාවලියකට ඳිළිඳු පවුල් ක්‍රම ක්‍රමයෙන් යොමු කිරීමක් සිදුවේ.
සමෘද්ධි සමිතිය ගොඩනගන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය බිහිකරනු ලබන්නේ කුඩා ගම්මානය තුළය. කුඩා ගම්මානය යනු ග්‍රාම නිළධාරී වසම නොවේ. සමහරවිට ග්‍රාමනිළධාරී වසම තුළ කුඩා ගම්මාන කිහිපයක් තිබීමට පුළුවන. වසම පරිපාලන ඒකකයක් වුවත් ප්‍රජා සංවිධාන ගොඩනගන සංවර්ධන ඒකකයක් ලෙස එය සාර්ථකභාවයක් පෙන්නුම් කර නැත.කුඩා ගම්මානය යනු ඉපැරණි ගම් ගොඩැල්ලය.දුප්පත්කමට තුඩු දෙන සමාජ ආර්ථික බලවේග හා සම්බන්ධතා රාශියක් පවතින්නේ මෙම ගම්ගොඩැල්ල තුළය. එමෙන්ම ඳිළිඳු ප්‍රජාවට එකතු වී රැස්වීමට පහසු භූගෝලීය ඒකකයක් කුඩා ගම්මානය වේ.මෙම කුඩා ගම්මානයේ සහනාධාර ලබන හා අනෙකුත් සියළුම ඳිළිඳු ජනතාව සමෘද්ධි සමිතිය තුළ එක්තැන් කිරීමට උත්සාහ කෙරේ.සමෘද්ධි සමිතිය සති දෙකෙන් දෙකට රැස්වේ.
සමෘද්ධි සමිතියේ නිළධාරී මණ්ඩලය පත්කර ගන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය වාර්ෂිකව නව මභාපති, ලේකම් ඇතුළු නිළධාරී මණ්ඩලය තෝරාගනුලැබේ.ගම්මානයේ සියළුම කුඩා කණ්ඩායම් සමිතිය තුළ සංවිධානය වේ. මේ නිසා සති දෙකෙන් දෙකට කණ්ඩායමේ
කටයුතු පිළිබඳ ප්‍රගතිය සාකච්චා කිරීමට ඉඩ සැලසේ. තවද බැංකු සංගමයට ඉදිරිපත් කරනු ලබන ණය ඉල්ලුම් පත්‍ර විවෘතව සාකච්චා කර අනුමත විය යුතුව ඇත.පවුල් සෞඛ්‍ය සේවිකාව, ගමේ ගුරුවරුන්, අනෙකුත් රජයේ නිළධාරීන් ආදී සහය සේවාවන් සපයන අංශ සමිතිය තුළප්රජාව දැනුවත් කිරීම සඳහා කැඳවා ගැනීමට පුළුවන. එමෙන්ම නායකත්ව හා ගීත කවි ගායනා කිරීමේ කුසලතා වරධනයටද සමිතිය යොදා ගනු ලැබේ. ගමේ පොදු අවශ්‍යතාවන් සාකච්චා කරීමටත්, පමාජ සංවර්ධන කටයුතු පිළිබඳවත්, පරිභෝජන භාණ්ඩ තොග වශයෙන් ගෙනැවිත් බෙදා ගැනෑමටත් මෙම සමිතිය යොදා ගන්නා අවස්ථා ඇත.
සමෘද්ධි සමිතිය අනෙකුත් ප්‍රජා සංවිධාන වලින් වෙනස් වන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය සම්මත ප්‍රජා සංවිධාන වලින් වෙනස්වන ප්‍රධානතම ලක්ෂණය වන්නේ එය ඳිළිඳු පවුල්
සමූහය සඳහා වෙන්වී තිබීමයි. මේ නිසා මෙතෙක් ප්‍රභූන් විසින් මෙහෙයවනු ලැබූ සංවිධාන වෙනුවට ඳිළිඳු
ජනතාව මෙහෙයවන නව සංවිධානයක් ඉස්මතු වී ඇත. මේ නිසා ග්‍රාමෝදය මෙන් කොන්ත්‍රාත් කරන සංවිධාන වෙනුවට දුප්පත්කමේ ගැඹුරු පැතිවලට යොමුවීමට හැකි වේ.එමෙන්ම සමිතිය නොවිධිමත් ඒකකයක් ලෙස ඳිළිඳු ප්‍රජාවගේ දැනුම කුසලතා හා ආකල්ප වෙනස් කිරීමේ ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඉතාමත් ප්‍රබල නොවිධිමත් අධ්‍යාපන ඒකක විශාල ප්‍රමාණයක් සමෘද්ධි සමිතිය සතුව ඇත. එමෙන්ම දුප්පත් ප්‍රජාව සංවිධානගත කිරීමේදී දෂලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට සමෘද්ධි සමිති ව්‍යාපාරය තුළ සංවිධානය වී ඇත.